Gossips

ඉන්දියාවේ ‘සින්ධු’ බැඩ්මින්ටන් ලෝක ශූරතා රන් පදක්කම් දිනයි

2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දීය ක්‍රීඩිකා පී.වී. සින්ධු චීනයේ ෂැංහයි නුවර පැවති ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ වර්ෂ අවසාන තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ඇය මෙම දස්කම දැක්වූ ප්‍රථම ඉන්දීය ක්‍රීඩිකාවයි. සින්ධු ඒ සඳහා අවසන් තරඟයේදී ජපාන ක්‍රීඩිකා නොසෝමි ඔකුහාරා පරදවා ජයග්‍රහණය කළේ 21ට 19ක් සහ 21ට 17ක් ලෙසින්.
ලොව අංක 6යේ ක්‍රීඩිකාව වුවත් ඇය ආසියානු ක්‍රීඩා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි හිදී පසුබෑමකට ලක්වූ අතර පසුගිය ලෝක ශූරතා තරගාවලියේදී රිදී පදක්කම ජයග්‍රහණය කළා.