ඉන්දියාවේ සිට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සමඟ පොලිතින් උර 04 ක ඇසුරූ ගංජා කිලෝග්රෑම් 151 යි ග්රෑම් 700 ක් සිය භාරයට ගනු ලැබූ අතර ඔවුන් කන්කසන්තුරේ පොලීසියට භාර දෙනු ලැබූ බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.
සැකකරුවන් 19 හැවිරිදි සහ 29 හැවිරිදි යාපනය – ඉලවාලි ප්රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් අද (23) මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඡායාරූප – වවුනියාව, දිනසේන රතුගමගේ
