Gossips

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් යලි දිවයිනට

පසුගිය යුධ සමයේ දී ඉන්දියාව වෙත පළා ගොස් , එරට රැඳවුම් කඳවුරු වල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 27 දෙනෙකු අද (07) දහවල් යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඉන්දියාවේ සිට ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළේ.
මෙලෙස පැමිණි පිරිස කටුනායක ගුවන් තොටුපොළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන , වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ජාතික රහස් තොරතුරු ඒකකය වෙත භාර දී තිබෙනවා.