Gossips

ඉන්දියාවේ විෂ මත්පැන් මරණ 100 ඉක්මවයි – 200 ක් රෝහලේ

විෂ මත්පැන් පානය කිරීම නිසා ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තේ වතු කම්කරුවන් 102 කු මේ වනවිට මරුමුවට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
තවත් 200 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි ප්‍රාන්ත රජයේ අමාත්‍යවරයෙකු ඊයේ ප්‍රකාශ කළේ.
මෙම මරණ වාර්තාවන්නේ උත්තරාඛාන්ද් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල විෂ මත්පැන් පානය කර 100 කට අධික පිරිසක් මියගොස් සති දෙකක් ගතවීමටත් පෙරයි.
නවතම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇසෑම් සෞඛ්‍ය අමාත්‍ය බිස්වා ෂර්මා කියා සිටියේ විෂ මත්පැන්වලට ගොදුරුවූ තේ වතු කම්කරුවන් පිළිබඳව තවදුරටත් වාර්තාවෙමින් පවතින බවයි.