බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ නගරය වෙත ඉදිරිකිරීම් සේවකයන් රැගෙන ගිය ලොරි රථයකුයි මෙහිදී අනතුරට ලක්වී ඇත්තේ.
රියදුරාට ලොරි රථය පාලනය කර ගත නොහැකිව බාධකයක ගැටී එය පෙරලී ඇති බව සඳහන්.
17 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තවත් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
රියදුරාට නින්ද යාම අනතුරට හේතුව ලෙස පොලීසිය සැක කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.