Gossips

ඉන්දියාවේ රන් මිල ඉහළට

ඉන්දියාවේ මංගල සමය උදාවීමත් සමඟ ස්වර්ණාභරණ සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම නිසා රන් මිලද ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දියාව ලෝකයේ විශාලතම රන් පාරිභෝගිකයෙකු වන අතර, එරට ඉල්ලූම ලෝක වෙළඳපොලේ මිල කෙරෙහිද බලපෑමක් ඇති කරන බව සඳහන්.
ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1284 යි ශත 30 ක් ලෙසයි.
එය පසුගිය සතියට වඩා ඩොලර් දෙකක පමණ වර්ධනයක් වන අතර, රිදී මිලද ඉහළ යාමක් පෙන්නුම් කරනවා.