Gossips

ඉන්දියාවේ බැංකු කොල්ලයක්

බංග්ලාදේශ මහබැංකුවේ පරිඝනක ජාලයට පිවිස ඇමරිකානු ඩොලර් මිලියන 81ක් කොල්ල කෑ සිද්ධියට සමාන බැංකු කොල්ලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවරින් වාර්තා වනවා.
එහි පෞද්ගලික බැංකුවකට ජාත්‍යන්තර ස්විෆ්ට් ගෝලීය ගෙවුම් වේදිකාවෙන් ලැබෙන ගෙවීම් පසුගිය පෙබරවාරි 6 වන දා හදිසියේ නතර වුණා.
බැංකු පරිපාලනය එහිදී විශ්වාස කර ඇත්තේ එය ජාලයේ සන්නිවේදන බිඳ වැටීමක් බවයි.
එහෙත් පසුව අනාවරණ වූ පරිදි හැකර්වරුන් එම ගෙවීම් සිය ගිණුම්වලට හරවාගෙන ඇති අතර, එලෙස ඩොලර් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවසාන ඩොලර් පන්ලක්ෂය ලබා ගැනීමේ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට බැංකුව සමත් වූ අතර, පැහැර ගත් මුදල් සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.