Gossips

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 46 ක් මරුට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබු බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර එහි 62 ක පමණ පිරිසක් ගමන් කරමින් තිබු බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොණ්ඩාගතු සිය ජග්තල් දක්වා කඳුකර ප්‍රදේශයක පිහිටි ආගමික ස්ථානයකට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.
මේ අතර අනතුරින් මියගිය එක් අයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි සඳහන්.