ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පූර් හි අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය කළ බස් රථය මාර්ගය දෙපසට බෙදෙන ස්ථානයක පිහිටා ඇති කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථ අනතුරු බහුලව වාර්තා වන අතර, පටු සහ බෑවුම් සහිත මාර්ගවල රියදුරන් අධික වේගයෙන් ධාවනය කිරීම මෙම අනතුරුවලට ප්‍රධානතම හේතුවයි.