කුලී නිවසක රැඳී සිටි එකම පවුලේ මව, පියා, ළමයින් ඇතුලූ හත්දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ – ජාර්කාන්ද් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
ඉන් ළමයින් දෙදෙනෙකුගේ සිරුරු විදුලි පංකාවක එල්ලී තිබී ඇති අතර, අනෙක් සිරුරු නිවසේ ඇඳක් මත තිබියදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙය සියදිවි නසාගැනීමක් බවට ජාර්කාන්ද් පොලීසිය සැක පළ කරනවා.
මීට පෙර මෙලෙස සියදිවි හානිකරගත් එකම පවුලේ 11 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ නවදිල්ලි නුවරින් සොයාගැනුනා.
