Gossips

ඉන්දියාවේ දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බව හෙලිවේ

පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නුවර සිදුවු දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
සිකුරාදා රාත්‍රියේ දුසේරා උත්සවයට සමගාමීව රාවණා රජුගේ අනුරුවක් පුළුස්සද්දී දුම්රිය මාර්ගයේ සිටි ජනයා යටකරගෙන දුම්රියක් ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවුණා.
එහි ප්‍රධාන ආරාධිතයා වූයේ කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක නව්ජෝත් සිං සිධුගේ බිරිඳයි.
මල් මාලා පැළඳ වූ ඇය අසල වේදිකාවේ සිටි උත්සවයේ සංවිධායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය 500 ක් ගමන් කළද ජනයා එම ස්ථානයේ සිට උත්සවය නරඹනු ඇති බවයි.
එමෙන්ම, මෙම දුසේරා උත්සවය සඳහා අම්රිත්සාර් නගර සභාවෙන්, පරිසර දෙපාර්තමේන්තුවෙන් හෝ ඉන්දීය දුම්රිය බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොමැති බව හෙලි වී තිබෙනවා.