Gossips

ඉන්දියාවේ තෙල් මිල අඩු කෙරේ

මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල ඉන්දීය රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති අතර, ඉන්ධන අලෙවි සමාගම් රුපියලක් අඩු කළ යුතුයි.
ජනතාවට සහනයක් සැලසීම සඳහා මෙලෙස ඉන්ධන මිල අඩු කළ බවයි ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි සඳහන් කළේ.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉරානයට පැනවුණු සම්බාධක හේතුවෙන් ඉන්දියාවේ ඉන්ධන මිල ද මේ වනවිට වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
දිල්ලි අගනුවර පෙට්‍රල් ලීටරයක මිල මේ වනවිට රුපියල් 84 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඞීසල් මීටරයක මිල රුපියල් 75 ඉක්මවා ඇති බව සඳහන්.
ජනතාවට ලබාදුන් සහනය දෙගුණ කිරීම සඳහා ඉන්ධන ලීටරයක් සඳහා තවත් රුපියල් 2 යි 50 ක් අඩු කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ප්‍රාන්ත රජයන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ඊට එකඟවූ ප්‍රාන්ත 10 ක ඉන්ධන මිල ලීටරයකට රුපියල් 5කින් පහත වැටෙනු ඇති.