Gossips

ඉන්දියාවේ තවත් සුළි කුණාටු ඇති වන බවට අනතුරු ඇගවීම්

ඉදිරි පැය 24 තුළ තවත් සුළු කුණාටු ඇති විය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
උත්තර් ප්‍රදේශ්, බිහාර්, ඔඞීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට එවැනි කුණාටු සහ ධාරාණිපාත වැසි ඇති විය හැකි බව එමගින් ප්‍රකාශ කළා.
එමෙන්ම රාජස්ථාන් සහ ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 තුළ ධූලි කුණාටු ඇති විය හැකි බවට ද ඉන්දීය කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.
මෙය මෝසම් සමයට පෙර ඇති වන කාලගුණ තත්ත්වයක් ලෙසයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.
උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 5කට පසුගිය දින දෙක තුළ බලපෑ ධූලි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 124 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.