ඉන්දියාවේ ජෙට් එයාර්වේස් ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර ගුවන් ගමන් අනිද්දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ එම ගුවන් සමාගම මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන්.
ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 2 ක බැංකු ණය අර්බුදයකට මුහුණදී සිටින අතර එම නිසා රැකියා 20,000 ක් පමණ අහිමිවීමේ අවධානමක් පවතිනවා.
