Gossips

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් 18 දෙනෙකු මරුට

ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
මිය ගිය අයගෙන් වැඩි පිරිසක් මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් වනවා.