Gossips

ඉන්දියාවේ කොටි ගහණය වැඩිවෙයි

ජාත්‍යන්තර කොටි දිනය අදට යෙදී ඇති අතර, ලොව පුරා එය සැමරෙන්නේ මිහිපිටින් තුරන්වීමේ අවදානමට ලක්ව සිටින එම වන සත්ව කොට්ඨාශය පිළිබඳව ලෝවාසීන් දැනුම්වත් කරමින්.
ලෝකයේ කොටින් වාසය කරන ප්‍රධාන ප්‍රදේශ 13 ක සිදු කළ සමීක්ෂණයකට අනුව වර්තමානයේ කොටි ගහණය 3900 ක් වන බව ලෝක වන සත්ව අරමුදල පවසනවා.
එම සංඛ්‍යාව වසර 2022 වන විට දෙගුණයක් කිරීමටයි සැළසුම්වී ඇත්තේ.
ලෝකයේ කොටි ගහණයෙන් බහුතරයක් ඉන්දියාවේ සිටින අතර, එම ගහණය පසුගිය දශකය තුළ ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.
ඉන්දීය රජය 2006, 2010 සහ 2014 වසරවලදී කොටි සංගණනයක් සිදුකළ අතර, එමගින් හෙළිවී ඇත්තේ එරට කොටි ගහණය 1411 සිට 2226 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.