ඉන්දියාවේ – මුම්බායි නුවරට ආසන්න ප්‍රදේශයක පිහිටි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් 3 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රසායනික හා ඖෂධ වර්ග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන්ගෙන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ.