Gossips

ඉන්දියාවේ අලි – මිනිස් ගැටුමෙන් වසර තුනකදී 2086 ක් මරුට

2015 වසරේ සිට 2018 දක්වා වසර තුනක කාලය තුළ ඉන්දියාවේ අලි මිනිස් ගැටුමෙන් මිනිසුන් 1713 දෙනෙකු සහ අලි 373 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එහිදී විදුලි සැර වැදීම සහ දඩයම්කරුවන්ගේ ගොදුරුවලට පත්වීම ආදී ආකාරයෙන් අලින් මරණයට පත්වී ඇති අතර, වාසභූමි අහිමිවීම, නාගරීකරණය ආදී හේතූන් ඊට බලපා ඇති බවයි ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූයේ.
ඉන්දීය පරිසර අමාත්‍ය මහීෂ් ෂර්මා මෙම දත්ත හෙළිකළ අතර, අලි මිනිස් ගැටුමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්.
එහි මරණ 307 ක් වාර්තාවන අතර, ඔඞීෂා ප්‍රාන්තයෙන් 305 ක් වාර්තාවුණා.
2018 වසරේදී පමණක් පුද්ගලයන් 227 දෙනෙකු සහ අලි 16 දෙනෙකු අලි-මිනිස් ගැටුමෙන් මියගොස් තිබෙනවා.