Gossips

ඉන්දියාවේ අලහබාද් නගරයේ නම වෙනස් වෙයි

ඉන්දියාවේ – අලහබාද් නගරයේ නම වෙනස් කිරීමට උත්තර ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනයට පෙර පැවති ප්‍රයාග්රාජ් යන නම අලහබාද් නගරයට යොදනු ඇති.
උත්තර ප්‍රදේශයේ මහ ඇමති යෝගි ආදිත්‍යනාත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය නිදහස් සටනට සමීප සබඳතාවක් ඇති ඓතිහාසික අලහබාද් නගරය පෙර පැවති නම භාවිත කිරීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය විරෝධතා පළ කර ඇති බවයි.
ගංඟා සහ යමුනා යන ගංඟා දෙක එකිනෙක මුණ ගැසෙන ස්ථානය පිහිටා ඇත්තේද අලහබාද් නගරයේයි.