Gossips

ඉන්දියාවේ අභ්‍යාවකාශ වැඩසටහන් මහජන ප්‍රදර්ශනයට

ඉන්දියාව විසින් අභ්‍යාවකාශ යානා සහ චන්ද්‍රිකා උඩු ගුවනට යවන ආකාරය මහජනතාවට දැක බලා ගැනීමට දැන් කටයුතු යොදා තිබෙනවා.
ඉන්දියාව සිය අභ්‍යාවකාශ ගමන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙංගාල බොක්කට මුහුණලා පිහිටි ශ්‍රීහරිකොට දූපතේ සිටයි.
මෙතෙක් එහි ගගන වැඩසටහන් නිරීක්ෂණය කිරීමට හැකි වූයේ විද්‍යාඥයන්ට සහ රජයේ නිලධාරීන්ට පමණයි.
එහෙත් ඉදිරියේදී මහජනතාවට එම අවස්ථා දැක බලා ගැනීම සඳහා එම දිවයිනේ යටිතල පහසුකම් සකස් කරමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.