Gossips

ඉන්දියාවේ අද මැතිවරණ අයවැයක්

ඉන්දියාවේ විරැකියා ප්‍රතිශතය සියයට 6.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 1970 දශකයෙන් පසු වාර්තා වන ඉහළම අගය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ඉන්දීය ආර්ථික විද්‍යාඥයෙකු වන විවේක් කවුල් විසින් පෙන්වා දෙන පරිදි එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැතිවරණ වසරේදී විශාල අභියෝගයක් වනු ඇති.
නවතම දත්තවලට අනුව සෑම යොවුන් ඉන්දියානුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම විරැකියාවෙන් පෙළෙන බව සඳහන්.
මේ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් අද අතුරු අයවැයක් ඉදිරිපත් කරනු ලබනවා.
එහිදී විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තිය ඉලක්ක කර ගත් බදු සහන රැසක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන්.
ඉන්දියාවේ මහමැතිවරණ මේ වසරට යෙදී ඇති අතර, අග්‍රාමාත්‍ය මෝදිට ඒ සඳහා ජනතා ආකර්ශනය ලබා ගැනීමේ අවසන් අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.