Gossips

ඉන්දියාවේ අද මැතිවරණයක්

ඉන්දියාවේ ඊසානදිග කෙළවර බංග්ලාදේශ දේශ සීමාවේ පිහිටි ත්‍රීපුර ප්‍රාන්තයේ මැතිවරණය අද පැවත්වෙනවා.
කොමියුනිස්ට් බලකොටුවක් වූ මෙම ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැඩි සටනක නිරතවනු ඇතැයි අපේක්ෂිතයි.
ඉන්දියාවේ තුන්වන කුඩාම ප්‍රාන්තය වූ මෙහි ආසන 57 ක් සඳහා අපේක්ෂකයන් 292 කු තරග වදින අතර, 26 ලක්ෂයක් ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා සිටිනවා.
ත්‍රීපුර ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල ලබන මාර්තු 3 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.