Gossips

ඉන්දියාවේත් දැඩි උණුසුමක්

උතුරු ඉන්දියාවේ මෙන්ම මධ්‍යම සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ රැසක මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.
එම බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6කින් පමණ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන බව සඳහන්.
මධ්‍යම සහ ඊසානදිග ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ රාජස්ථාන් ප්‍රාන්තවල දෛනික උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 42 දක්වා ඉහළ යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මැයි මාසය අවසානයේ ඊසානදිග මෝසම් සුළං ඇති වන තුරු මෙම උණුසුම් කාලගුණය පවතිනු ඇති බව ඉන්දීය කාලගුණ අංශ පවසනවා.