Gossips

ඉන්දියාවෙන් වතුකරයට තවත් නිවාස දස දහසක්

වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තවත් නිවාස දස දහසක් ඉදිකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
නුවරඑළිය – පූඩළුඔය ප්‍රදේශයේදී වතු කම්කරු ජනතාව සඳහා වන නිවාස යෝජනා ක්‍රමයක් ජනගත කිරීමේ උත්සවයකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා රුපියල් බිලියන 12 ක් වෙන් කරන බවයි.
වතුකරයේ නිවාස 4,000 ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව දැනටමත් දායකත්වය දක්වන අතර, අද විවෘත කෙරුණු නිවාස 404 සඳහාද මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත්තේ ඉන්දියාවෙන්.
එමෙන්ම කොළඹ සිට දඹදිව – වාරණාසි දක්වා ඍජු ගුවන් සේවා කඩිනමින් ආරම්භ කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.