Gossips

ඉන්දියාවෙන් ලකුණු 176ක්

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශය සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කරගත්තා.
එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා පන්දු 61කදී ලකුණු 89ක් රැස්කරමින් කණ්ඩායම ඔසවා තැබුවා.
ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුලත්.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුරේෂ් රයිනා පන්දු 30 කදී ලකුණු 47 ක් රැස්කරගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5 ක් සමඟින්.
පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් කඩුලු 2 ක් දවාගැනීමට Rubel Hossain සමත් වුනේ ලකුණු 27 ක් ලබාදෙමින්.