Gossips

ඉන්දියාවෙන් පාකිස්තානයට තවත් චෝදනාවක්

එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තානයට සැඟවීමට කරුණු රැසක් ඇතැයි ඉන්දියාව පවසනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ පසුගිය දා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ ප්‍රදේශවලට මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට පාකිස්තාන බලධාරීන් ඉඩ ලබානොදීම තුළින් මේ බව සනාථ වන බවයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන ඇති බව පවසමින් මෙලෙස ඔවුන් මාධ්‍යවේදීන්ට එම ප්‍රදේශවලට පැමිණීමට අවසර ලබාදී නැහැ.