Gossips

ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාර- කිලෝ දහසේ බෝම්බවලින් ත්‍රස්ත කඳවුරක් විනාශයි

දේශසීමාවෙන් ඔබ්බේ පාකිස්ථානය තුළ පිහිටි ත්‍රස්තවාදී කදවුරකට තමන් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දියාව පවසනවා.
අද අලූයම 3.30ට පමණ මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 12 ක් උපයෝගි කර ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
ඒ සදහා කිලෝග්‍රෑම් 1000 ක් පමණ බරැති ලේසර් මගින් හසුරුවන බෝම්බ යොදා ගෙන තිබෙනවා.
ප්‍රහාරය සියයට සියයක් සාර්ථක වූ බවත්, එහිදී ත්‍රස්ත කදවුර මුළුමනින්ම විනාශයට පත්වූ බවත්, ඉන්දීය රජය ප්‍රකාශ කළා.
ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් කාශ්මීරයේ – පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානය කේන්ද්‍ර කොට ගත් ජයිශ් ඊ මොහොමඞ් සංවිධානය වගකීම භාර ගත්තා. මේ අතර, පාකිස්තානය ප්‍රකාශ කළේ දේශසීමාව උල්ලංගණය කළ ඉන්දීය ප්‍රහාරක යානා පලවා හැරීම සඳහා සිය ජෙට් යානා යෙදවූ බවයි.
ඉන්දීය යානා පළා යන අතරතුර දේශසීමා ප්‍රදේශයට රැගෙන ආ බෝම්බ හෙළුෑ අතර ඉන් කිසිවෙකු හානියක් සිදු නොවූ බවයි පාකිස්තාන හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ.