ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ.
ඔහු සිය ගමන් මල්ලේ ඉතා සූක්ෂම අයුරින් මෙම රත්‍රං සඟවාගෙන රැගෙන විත් ඇති බව සඳහන්.
