Gossips

ඉන්දියාවෙන් තහනම් ද්‍රව්‍ය ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව කරදමුංගු, ළූණු බීජ සහ කෘමි නාශක තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අද උදෑසන චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් එක් සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ ඇති අතර අනෙක් සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා.
තම ගමන් මලු තුළ සගවා ගෙන සැකකරුවන් මෙම භාණ්ඩ මෙරටට රැගෙනැවිත් ඇතැයි සඳහන්.
ශාක නීරෝධනායන පනතේ නීතිමය විධිවිධාන උල්ලංඝනය කරමින් සහ ආනයනය බලපත්‍ර නොමැතිව ගෙනැවිත් තිබූ මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක්.
මොවුන් ශ්‍රී ලංකාව සහ විදේශ රටවල් සමඟ නීතිවිරෝධී ජාවාරම් සිදු කරන කණ්ඩායමක සහායකයන් දෙදෙනෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.