ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කෙරෙනවා.
එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් මෙම දුම්රිය සෑම දිනකම පෙරවරු 10.45 ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ බලා ධාවනය කෙරෙනු ඇති.
මේ අතර ඉදිරියේදී තවත් නව ද්විත්ව බලවේග කට්ටල 5 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර චීනයෙන්ද තවත් නව ද්විත්ව බලවේග කට්ටලයක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.