Gossips

ඉන්දියාවෙන් කසල ආ මන්නාරම වෙරළේ, මිය ගිය මසුන් ගොඩ ගැසේ

පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට පැමිණි බවට සැලකෙන සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසූ වයඹ වෙරළ තීරයේ මිය ගිය මසුන් සිය දහස් ගණනින් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා.
මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා මුහුදු තීරයේ ඇතැම් ස්ථානවල මෙලෙස මියගොස් ඇති මසුන් දක්නට ලැබෙන බවයි එම ප්‍රදේශයේ ධීවර ජනතාව සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇති මසුන් මුහුදුවෙරළට ගසාගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව මසුන් මිලදි ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ඒ, හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාව දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණ පා ඇති බව අප වාර්තාකරු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයෙන් විමසිමක් කලා.
එහිදි එම සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ කියා සිටියේ ඉන්දියාවේ සිට පැමිණි බවට සැකකෙරෙන අපද්‍රව්‍ය හේතුවෙන් මෙවැනි තත්ත්වය උද්ගත වීමට ඉඩ ඇති බවට බලධාරින් දැනුවත් කල ද, ඊට නිසි පියවර ගෙන නොමැති බවයි.