Gossips

ඉන්දියාවම හඬවමින් සුපිරි නළු කොල්ලාම් අජිත් හදිසියේ ජීවිතයෙන් සමුගනී

මලයාලම් චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Kollam Ajith හදිස්සියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඔහු මියයනවිට 56 හැවිරිදි වියේ පසුවූවා.
මලයාලම් චිත්‍රපට 500කට අධික ප්‍රමාණයකට රංගනයෙන් එක්වූ Kollam Ajith වඩාත් ජනප්‍රිය වූයේ මලයාලම් සිනමාවේ දුෂ්ඨයා ලෙසින්.
ඔහුගේ සිනමා ජීවිතයේ හින්දි සහ දමිල සිනමා කෘති කිහිපයකටද රංගනයෙන් එක්ව තිබෙනවා.
හදිසියේ උදරයේ ඇතිවූ ආබාධයකට ඔහු දින ගණනාවක් තිස්සේ ප්‍රතිකාර සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.