Gossips

ඉන්දියාවම කළඹවමින් සුපිරි නළු විජෙයි දේශපාලනයට එක්වන බව කියයි

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට නළුවෙකු වන Vijay දේශපාලනයට එක්වන බවට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා පැවති විශේෂ අවස්ථාවකදී සිදුකළ ප්‍රකාශයක් එයට හේතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරියේදී තමිල්නාඩු මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් එම ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟම දකුණු ඉන්දියාව පුරා මේ පිළිබඳව විශේෂ කතාබහක් ඇතිව තිබෙනවා.
එයට හේතුවී ඇත්තේ මෙය සත්‍යක් වුවහොත් අතිශය ජනප්‍රිය නළුවත් තිදෙනෙක් අතර දැවැන්ත සටනක් මැතිවරණයකදී දැකගත හැකිවීම හේතුවෙන්.
ඒ මීට පෙර දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව ලෙස හැඳින්වෙන රැජිනි ඛාන් සහ සුපිරි නළු කමල් හසන් තමන් දේශපාලනයට එක්වන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.
Vijay අදාළ ප්‍රකාශය සිදුකර ඇත්තේ ලබන මස 06 වනදා ඉන්දියාව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන 'සර්කාර්’ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර එහිදී Vijay සහ මාධ්‍යවේදියෙක් අතර ඇතිවූ බව කියන සංවාදයක් වෙතද බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එහිදී මාධ්‍යවේදියා විමසා ඇත්තේ අදාළ චිත්‍රපටයේ Vijay මහ ඇමති ලෙසින් රංගනය සිදුකරනවාද යන්නයි.
එයට පිළිතුරු දෙමින් Vijay පවසා ඇත්තේ තමන් එම නිර්මාණයේ මහ ඇමති ලෙසින් රංගනය නොකරන බවයි.
මේ අතර පෙරලා මාධ්‍යවේදියා විමසා ඇත්තේ සත්‍ය ජීවිතයේ මහ ඇමති වුවහොත් කුමක් සිදුකිරීමට බලාපොරොත්තු වනවාද යන්නයි.
Vijay එයට පවසා ඇත්තේ සත්‍ය ජීවිතයේ මහ ඇමති වුවහොත් තමන් එම ධුරයේ සිටිමින් ජනතාව ඉදිරියේ රඟපෑම් නොකරන බවයි.