Gossips

ඉන්දියාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ අහිමි වෙයි

මෙරට ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුකරන මෝටර් රථ අපනයනයන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් පවසනවා.
ඉන්දීය මෝටර් රථ නිෂ්පාදක සම්මේලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගටෝ සෙන් ප්‍රකාශ කර ඇති පරිදි කලකට පෙර ඉන්දියාව වසරකදී ඩොලර් බිලියනයක් පමණ වන වාහන වාර්ෂිකව ශ්‍රී ලංකාවට අපනයනය කර තිබෙනවා.
මීට වසර 3කට හෝ 4කට පෙර එය ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති අතර, 2017 – 2018 වසරේදී එම අපනයන ආදායම සටහන් වන්නේ ඩොලර් මිලියන 36ක් ලෙසයි.
මේ අනුව ඉන්දියාවේ ප්‍රධාන මෝටර් රථ අපනයන වෙළදපොළක් වන ශ්‍රී ලංකාවේ වෙළදපොළ ප්‍රතිශතය තමන්ට අහිමි වී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් පවසන්නේ යැයි හින්දු පුවත්පත වාර්තා කළා.