Gossips

ඉන්දියාවට විස්සයි විස්සේ දැවැන්ත ජයක්

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ඊයේ (29) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් අයර්ලන්තය පරදවා ඉන්දියාව ලකුණු 143ක දැවැන්ත ජයක් වාර්තා කළා.
පසුගිය දා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සඳහා අයි.සී.සී. අනුමැතිය ලැබූ අයර්ලන්තය පරදවා ඉන්දියාව මෙලෙස හිමි කර ගත්තේ ඔවුන්ගේ දෙවන විශාලතම විස්සයි විස්ස ජයග්‍රහණයයි.
ඉන්දියාව සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 04ක් දැවී ලකුණු 213ක් රැස් කළ අතර, එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 70ක්ද, සුරේෂ් රයිනා ලකුණු 69ක් ද රැස් කළා.
අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 12යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 70ක් පමණයි.
එහිදී කුල්දීප් යාදව් සහ යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 03 බැගින් බිද හෙලුවා.
මේ අනුව දෙකට බින්දුවක් ලෙස විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කළේ ඉන්දියාවයි.