Gossips

ඉන්දියාවට ලකුණු 223 ක ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු 223ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 222 ක් ලබාගත්තා.
ලීටන් ඩාස් ලකුණු 121 යි.
ලීටන් ඩාස් අද වාර්තා කළේ සිය මංගල එක්දින ශතකයයි.
දැවී යන විට ඔහු ලකුණු 121 ක් ලබා සිටියේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග පන්දු 117 කට මුහුණ දෙමින්.
ආරම්භක පිතිකරු යුගළය ලෙසට පිටියට පිවිසි ලීටන් ඩාස් සහ මෙහෙදි හසන් අතර ශතකයක සබඳතාවක් ගොඩ නැගුනා.
බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරග 27 කින් පසු ලකුණු සියයක සබඳතාවක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගළයක් ලකුණු සියයක සබඳතාවක් අවසන් වරට වාර්තා කළේ 2016 වසරේදීයි.
ලීටන් ඩාස්ට සහයෝගයක් වෙමින් පිතිකරණයේ නිරත වූ මෙහෙදි හසන් පන්දු 59 කින් ලකුණු 32 ක් ලබාගත්තා.
සෞම්ය සර්කාර් 33 යි.
බංග්ලාදේශ කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 ක සීමාව හෝ පසුකර යාමට ඉන්දීය කණ්ඩායමෙන් අවස්ථාවක් හිමිවුයේ නැහැ.
පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 45 කට කඩුලු 3 ක් සහ කේදර් ජාදෙව් ලකුණු 41 කට කඩුලු 2 ක් බිඳහෙලුවා.
ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.