Gossips

ඉන්දියාවට ලකුණු 167ක ඉලක්කයක්

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08කට ලකුණු 166ක් රැස් කළා.
එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමඟින්.
මහමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.
මෙහෙදී හසන්නොදැවී ලකුණු 19යි.
පන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමු අතර ජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ දැමුවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබී ඇති ඉලක්කය ලකුණු 167ක්.