Gossips

ඉන්දියාවට තවත් දූලි කුණාටු

උතුරු ඉන්දියාවට ඊයේ ඇති වූ මහා දූලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී එවැනි තවත් කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලට ඊයේ බලපෑ දූලි කුණාටුව හේතුවෙන් ගම්මාන රැසක් විනාශයට පත්වූ අතර, විදුලි කණු කඩා වැටී ප්‍රදේශ රැසකට විදුලිය සැපයුම ද ඇණ හිටියා.
ජීවිත හානි සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
එමෙන්ම, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සති අන්තය නිමා වීමට පෙර තවත් මෙවැනි කුණාටු ඇතිවිය හැකි බවයි.
ඊයේ ඇති වූ දූලි කුණාටුවෙන් විශාලතම හානියක් සිදුවූ ප්‍රදේශය වන්නේ ටාජ් මහල පිහිටි ආග්‍රා නගරයයි.