Gossips

ඉන්දියාවට කඩුලු 6ක ජයක්

නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තා.
ලිටන් ඩාස් 34 යි. සබීර් රහ්මන් ලකුණු 32 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ජාදෙව් උනාද්කත් කඩුලු 3 ක් සහ විජේ ශන්කර් කඩුලු 2 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ශිකර් ධවාන් ලකුණු 55 යි.
සුරේශ් රයිනා ලකුණු 28 ක් ලබාගත්තා. මනිෂ් පාන්ඩේ නොදැවී ලකුණු 27 ක් රැස් කළා.
නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ මීළග තරගය ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.