Gossips

ඉන්දියාවට ඇමරිකාවේ, වෙළඳ ප්‍රමුඛතාව අහිමි වේ

ඉන්දියාවට ලබාදෙන වෙළඳ ප්‍රමුඛතාව ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව ඇතැම් ඉන්දීය නිෂ්පාදන තීරු බදු රහිතව ඇමරිකාව වෙත යැවීමේ අවස්ථාව අහිමි වනු ඇති. ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව ඔවුන්ගේ වෙළඳපොළ වෙත ප්‍රමාණවත් ප්‍රවේශයක් ඇමරිකාවට ලබාදී නොමැති බවයි.
තුර්කියට ලබාදෙන වෙළඳ ප්‍රමුඛතාව ද ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති අතර, ඒ සඳහා හේතු ලෙස දක්වා ඇත්තේ තුර්කිය ප්‍රමාණවත් සංවර්ධනයක් ලබා ඇති බවයි.
මේ අතර, ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලියට නිරිත දෙසින් වූ ගුරුග්‍රාම් නගරය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. තවත් ඉන්දීය නගර 6 ක් එලෙස වායු දූෂණයෙන් ඉහළ පළමු නගර 10 ට ඇතුළත් වන අතර, පාකිස්ථාන නගර දෙකක් සහ චීනයේ හොටන් නගරය ද ඒ අතර වනවා.
ෆයිසලාබාද් සහ ලාහෝර් වායු දූෂණය ඉහළ පාකිස්ථාන නගරයි.