Gossips

ඉන්දියාවට අමතක නොවන පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති තරඟ පහකින් සමවිත ටෙස්ට් තරඟාවලියෙ තරඟ හතරට එකක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.
ඒ ඉන්දියාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ දමමින් පස්වන ටෙස්ට් තරඟය ඉන්දීය කණ්ඩායම ලකුණු 118 කින් පරාජය කරමින්.
අවසන් තරඟයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 332 ක් රැස් කිරීමට සමත් වූ අතර ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 292 ක් පමණයි.
ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 40ක වාසියක් සහිතව දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 423ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
එහිදී එංගලන්තය වෙනුවෙන් සිය අවසන් ජාත්‍යන්තර තරඟය සඳහා ක්‍රීඩා කළ ඇලෙස්ටේයාර් කුක් ලකුණු 147ක් රැස්කළ අතර එංගලන්ත දෙවන ඉනිම ශක්තිමත් කළ නායක ජෝරූට් රැස්කළ ලකුණු සංඛ්‍යාව 125ක්.
ලකුණු 463ක ඉලක්කය වෙනුවෙන් සිය දෙවන ඉනිම අරම්භ කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 94යි පන්දු 03 ක් තුලදී ලකුණු 345කට දවාගන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඇලෙස්ටේයාර් කුක් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත් අතර ඉන්දීය නායක වීරත් කෝලි සහ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන් අතර තරඟාවලියේ වීරයා සම්මානය සමසේ බෙදී ගියා.
එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටේයාර් කුක්ට තරඟාවලි ජයග්‍රහණයකින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා.