Gossips

ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් ඇමරිකානු ජනපතිවරණයට

තමිල්නාඩුවේ දෙමළ ජාතික මවකට සහ ජැමෙයිකානු පියෙකුට දාව උපන් ඇමරිකානු නීතිපතිනියක සහ සෙනෙට් සභිකවරියක වූ කමලා හැරිස් 2020 වසරේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන බව නිවේදනය කළා.
ඇයට කමලා යන නම යොදා ඇත්තේ ද සංස්කෘතික බසින් පද්මය යන අරුත් ඇතිවයි.
54 හැවිරිදි කමලා ඇමරිකානු කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයට විරුද්ධ ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රකටයි.
මිශ්‍ර පසුබිම හේතුවෙන් ඇතැමුන් ඇය හඳුන්වන්නේ කාන්තා බැරක් ඔබාමා ලෙසයි.