Gossips

ඉන්දියානු මහ මැතිවරණය ඇරඹේ

ලොව විශාලතම ඡන්දදායකයන් පිරිසක් සහභාගිවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස හැඳින්වෙන ඉන්දීය මැතිවරණයේ ප්‍රථම අදියර අද ආරම්භවීමට නියමිතයි.
අද සිට මැයි මස 19 වනදා දක්වා අදියර 7 කින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය තවදුරටත් බලයේ රැඳෙන්නේද යන්න තීරණය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන් මන්ත්‍රීවරුන් 272 ක බහුතරයක් ලබාගත යුතුයි. ඡුන්දය ගණන් කිරීමේ කටයුතු මැයි 23 වනදා ආරම්භ කෙරෙනු ඇති.
හිමාල අඩවියේ සිට දකුණේ ඉන්දියන් සාගරය දක්වාත්, නැගෙනහිර තාර් කාන්තාරයේ සිට නැගෙනහිර සුන්දර්බාන් කඩොලාන පරිසරය දක්වාත්, විහිදුණු ඉන්දියාවේ මහ මැතිවරණය සඳහා මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා සිටින ඡුන්දදායකයන්ගේ සංඛ්‍යාව කෝටි 90ක්.