Gossips

ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණවලදී තියුණු තරඟයක්

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පිළිබිඹුවක් ලෙස සැළකිය හැකි ප්‍රාන්ත 5 ක මැතිවරණ ප්‍රතිඵල ඉදිරි සතියේ ප්‍රකාශයට පත්වන අතර, මත සමීක්ෂණ පළවන්නේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පක්ෂය අතර තියුණු තරඟයක් පවතින බවයි.
ඉන්දියානු මධ්‍ය ප්‍රාන්ත ලෙස සැළකෙන මධ්‍ය ප්‍රදේශ්, චටිස්ගාර් සහ රාජස්ථාන් ප්‍රාන්තවල මෙන්ම දකුණේ තෙලංගානා සහ ඊසාන දිග ඉන්දියාවේ මීසෝරාම් ප්‍රාන්තයේද මැතිවරණ පසුගියදා පැවැත්වුණා.
එහිදී කොංග්‍රස් පක්ෂය ප්‍රාන්ත හතරකම තියුණු ලෙස ඉදිරියෙන් සිටින අතර මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සඳහා දැඩි තරඟයක් පවතින බවයි සමීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.