Gossips

ඉන්දියානු නාවික හමුදාවට නව හෙලිකොප්ටර් යානා 111 ක්

ඉන්දීය නාවික හමුදාව සඳහා රුපියල් කෝටි 21,000 ක වියදමින් නව හෙලිකොප්ටර් යානා 111 ක් මිලදී ගැනීමට නරේන්ද්‍ර මෝදි රජය තීරණය කර තිබෙනවා.
එම හෙලිකොප්ටර් යානා ජාත්‍යන්තර ගුවන් යානා නිෂ්පාදකයින් විසින් ඉන්දියාව තුළ නිපදවිය යුතු බවටයි තීරණය වී ඇත්තේ.
එමෙන්ම ඉන්දීය නාවික හමුදාවේ පරිහරණය සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත එම්.එච්. 60 ආර්. වර්ගයේ හෙලිකොප්ටර් යානා 24 ක් කඩිනමින් මිලදී ගැනීමට තීරණය වී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් ඒ සඳහා වැයවන අතර, ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ඉන්දීය චාරිකාවේදී ඒ පිළිබඳ ගිවිසුම්වලට එළඹෙනු ඇති.