Gossips

ඉන්දියානු නාවික කඳවුරක් තැනීම, සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

ඉන්දීය සාගරයේ බටහිරදිග කලාපයේ ඉන්දීය නාවික කඳවුරක් තැනීමේ සැලසුම සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ බව සී – ෂෙල්ස් රජය ප්‍රකාශ කළේ එරට ජනාධිපති ඩැනී ෆුවරේ ඉන්දියාවේ සය දින චාරිකාවක් ආරම්භ කිරීමත් සමඟයි.
එම චාරිකාවේදී දෙරට අතර ආරක්ෂක සබඳතා පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, සී – ෂෙල්ස් දිවයින් ආශ්‍රිතව ඉන්දීය නාවික කදවුරක් තැනීමෙන් තම රටේ ස්වෛරීත්වය අභියෝගයකට ලක් වන බව සී – ෂෙල්ස් පාර්ලිමේන්තුවේ අදහස වී තිබෙනවා.
සී – ෂෙල්ස් ජනාධිපතිවරයා ලබන සඳුදා රාෂ්ට්‍රපති භවන් හිදී උත්සවාකාරයෙන් පිළිගැනෙන අතර, පසුව ගුජරාට්, ගෝව සහ උත්තරාකාන්ත් ප්‍රාන්තවල ද සංචාරය කරනු ඇති.