Gossips

ඉන්දියානු ගුවන් නියමුවා පිළිගැනීමට ඉන්දීය ජනතාව වගා අතාරි දේශසීමාවට

පාකිස්ථාන හමුදාව අත්අඩංගුවේ සිටින ඉන්දියානු ජෙට් යානයේ සිටි නියමු අබිනන්දන් වර්තමාන් නැවත ඉන්දීය රජය වෙත භාරදීම තව සුළු වේලාවකින් ආරම්භ වනවා.
ඔහු පිළිගැනීම සදහා මේ වනවිට ඉන්දීය ජනතාව වගා අතාරි දේශසීමාවේ පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත් ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානයක් මගින් නියමුවා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
එහෙත්, ඊට පාකිස්ථානයේ යහපත් ප්‍රතිචාර හිමිවී නැහැ.