ඉන්දියානු කොටස් වෙළඳපොල, විශාලත්වය අතින් යුරෝපයේ දැවැන්තම ආර්ථිකය වන ජර්මනියේ කොටස් වෙළඳපොලද අභිබවා තිබෙනවා.
ඒ අනුව ඉන්දියානු කොටස් වෙළඳපොලට දැන් හිමිව ඇත්තේ ලොව හත්වන විශාලතම කොටස් වෙළඳපොලට හිමි ස්ථානයයි.
ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයක් පැන නැගීම, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම ආදී කරුණු ඒ සඳහා බලපා ඇති බව සඳහන්.
ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීම නිසා නැගී එන වෙළඳපොලවලට දැඩි බලපෑමක් ඇතිවුණා.
කෙසේ නමුත් ඉන්දියානු සමාගම් එහිදී දේශීය ඉල්ලූම කෙරෙහි අවධානය ඉහළ නැංවීම මෙලෙස එරට කොටස් වෙළඳපොල වර්ධනය වීමට හේතුවී ඇති බව විශ්වාස කෙරෙනවා.
නැගී එන වෙළඳපොල, කොටස් වෙළඳ දර්ශකය මේ වසරේදී සියයට 17 කින් පහත වැටුණද ඉන්දියාවේ කොටස් වෙළඳ සලකුණු දර්ශකය සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා.