Gossips

ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු හෙට

යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ රාත්‍රියේ මිය යන විට 37 වන වියේ පසුවුණා.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් අප කළ විමසීමකදී සඳහන් කළේ.
පවුලේ වැඩිමහල් දරුවා වන මොහු විවාහකයෙකු වන අතර, අවුරුදු 7ක දියණියකගේ පියෙකු ද වනවා.
පසුගිය 9 වන දා උපන් දිනය සමරූ සිනමා, ටෙලිනාට්‍ය හා ගායන ශිල්පී ඉන්දික ගිනිගේ කලක සිට රෝගී තත්ත්වයෙන් පසුව ඇති බවටයි වාර්තා වන්නේ.