අතුරුදන්වූ බවට පැවසුණු ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී, චීන ජාතික මෙන් හොංවෙයි අත්අඩංගුවට ගත් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය 25 වනදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවට දැනුම්දී තිබුණේ පොලිස් ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයින් විසින්.
කෙසේ වෙතත් චීන මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන මෙන් හොංවෙයිට දූෂණ චෝදනා පැවතීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව චීනය සඳහන් කළා.
